ඇය ගැන ඇසෙන ඒ විශේෂ කතාව මොකක්ද කියලා ඔබත් දැනගන්න කැමති ඇති.
වෘත්තියෙන් පොලිස් නිලධාරිනියක් වුණු ඇයට මේ තරම් සෙනෙහසක් දරුවෙකුට දිය හැකිද..?
කුසගින්නේ හඬා වැටුණු බිළිඳෙකුට ජීවිතය දුන් වීර පොලිස් නිලධාරිනියක් ගැන මේ කතාව ඇසෙන්නේ මෙක්සිකෝව පැත්තෙන්..
මෑතකදී මෙක්සිකෝවට බලපෑ දරුණුතම Otis සුළි කුණාටුවෙන් මුළු නගරයක්ම සුනුවිසුනු වී තිබියදී, මනුෂ්‍යත්වය යනු කුමක්දැයි මුළු ලෝකයටම පසක් කළ අපූරු පුවතක් මෙක්සිකෝවෙන් වාර්තා වෙන්නේ සියල්ලන්ගේම හදවත් සංවේදී කරමින්. මෙම කතාවේ වීරවරිය වන්නේ ඇරිස්බෙත් ඩියොනිසියෝ (Arizbeth Dionisio) නම් පොලිස් නිලධාරිනියයි.
සුළි කුණාටුවෙන් විපතට පත් වූවන්ට සහන සැලසීමේ රාජකාරියේ නිරතව සිටි ඇරිස්බෙත්ට, දින තුනකින් ආහාර නොලැබුණු, වේදනාවෙන් හඬා වැටෙන මාස 4ක කුඩා බිළිඳෙකු හමුවුණා.

කුණාටුව හේතුවෙන් ආහාර නොමැති වීම නිසා බිළිඳාගේ මවටද සිය දරුවාට මව්කිරි ලබා දීමට නොහැකි වී තිබුණ අතර, තමාද එක්දරු මවක් වූ බැවින් එම බිළිඳාගේ කුසගින්න ඇරිස්බෙත්ට හොඳින් වැටහුණා. කිසිදු පැකිලීමකින් තොරව, ඇය සිය රාජකාරි නිල ඇඳුම පසෙකලා එම අවස්ථාවේදීම දරුවා වඩාගෙන මව්කිරි ලබා දෙමින් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කළා.
"එම බිළිඳා හඬා වැටුණු ආකාරය මගේ හදවතට තදින්ම දැනුණා. මම කළේ ඕනෑම මවක් ඒ අවස්ථාවේ කරන දෙයයි," ඇය පසුව පවසා තිබුණේ අන්න එවැනි හද කම්පා කරන කතාවක්.
ඇයගේ මෙම උතුම් මානුෂීය ක්‍රියාව ලොව පුරා සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ප්‍රශංසාවට ලක්වුණා. ඇයගේ මෙම කැපවීම අගය කරමින් මෙක්සිකෝ පොලිස් දෙපාර්තමේන්තුව ඇයට විශේෂ නිල උසස්වීමක් පිරිනමා ඇති අතර, ඇයව ගෞරවයට පාත්‍ර කර තිබෙනවා.
යුද්ධ සහ ස්වභාවික විපත් මැද වුවද, මනුෂ්‍යත්වය යනු සියලු සීමා මායිම් අභිබවා යන දෙයක් බව ඇරිස්බෙත් මුළු ලෝකයටම පසක් කර දී ඇති දී තිබුණා.

📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න