භයානකයි - දැක්කොත් වහාම පොලීසියට දැනුම් දෙන්න

 


මාවතගම පොලිස් වසමේදී කාන්තාවකට ඇසිඩ් ප්‍රහාරයක් සිදුකර පලා ගිය සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටින බව වාර්තා වේ.

ඒ අනුව ඉකුත් දෙසැම්බර් මස 10 වැනිදා මෙම පුද්ගලයා අදාළ කාන්තාවට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර ඇත.

අඳාළ අපරාධය සම්බන්ධයෙන් පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන අතර මෙම අපරාධය සිදු කළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින බවට කරුණු හෙළිව ඇති බව සඳහන්.

එබැවින් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා සිටින බව දැනුම් දෙයි.

සැකකරුගේ විස්තර

නම - :- අබේසිංහ දොන් මංගල පුෂ්පකුමාර අබේසිංහ

ලිපිනය :-වැද්දාගල උතුර, වැද්දාගල, කලවාන

ජා.හැ.අංකය :-810532394V

එසේම මෙම සැකකරුට රන්තපුර හා කලවාන ගරු මහේස්ත්‍රාත් අධිකරණ මඟින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

එබැවින් සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි‍යි.

දුරකතන අංක

ස්ථානාධිපති, පොලිස් ස්ථානය මාවතගම

071-8591258

පොලිස් ස්ථානය, මාවතගම

037-2299222


✅✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post