අනපේක්ෂිත දේවල්! මේ ලග්න හිමියන් දැඩි අවධානයෙන් ඉන්න



 ඔබේ ලග්නය අනුව අද දිනයේ වාසි, අවදානම් සහ මඟ පෙන්වීම් මෙන්න. ආදරය, වෘත්තියය, සෞඛ්‍යය සහ පවුල් ජීවිතය පිළිබඳ සවිස්තරාත්මක දැනුමක් ලබා ගන්න.

මේෂ ලග්නය

වෙහෙසීම් බහුල කරන දිනයකි. පැවැති ගැටලුවකින් නිදහස උදා කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

වෘෂභ ලග්නය

අවිවේකී බව මඟ හැරේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතු කරයි.

මිථුන ලග්නය

නිවෙසින් බැහැරව කටයුතු සිදු කරයි. අතමිට මුදල් ගැවසුණත් වැය පස අධික කරයි. අසරණ කෙනකුට පිහිටවීමට හැකි වේ. 

කටක ලග්නය

ඥාති උපකාරයක් හිමි කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගන්නා දිනයකි. හදිසි සැලසුමක් සාර්ථක කරයි.

සිංහ ලග්නය 

නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. සහෝදරයකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි.

කන්‍යා ලග්නය

යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. වියදම් බහුල දිනයකි.තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

තුලා ලග්නය

තමාට සිත් සතුටුකරවන පුවතක් අසන්න ලැබේ. බාහිර අලංකාරය ගැන වෙහෙසෙන දිනයකි. සැහැල්ලුවෙන් දවස ගත කරයි. 

වෘශ්චික ලග්නය

වෙහෙසීම් අධික කරයි. නොසිතූ අලාභයක් සිදුවීමට ඉඩ ඇත. හිතවතෙකු සමඟ ගනුදෙනුවක් සිදුකර ගනී.

ධනු ලග්නය

ඉවසීමෙන් කටයුතු කරන්න. නිතර පදිංචියෙන් පිට වාසය කරයි. හදිසි ගනුදෙනුවකට ඉඩකඩ ඇති දිනයකි.

මකර ලග්නය

මවුපස ඥාති උපකාරයක් හිමි කරයි. අලුත් පදිංචියකට කටයුතු උදා කරයි. දුරදිග බලා කටයුතු කරන්න. 

කුම්භ ලග්නය

ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙයි. අමනාප වූ කෙනකු සමඟ මිතුරුවීමට කටයුතු සැලසේ.

මීන ලග්නය

පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි. අලුත් හිතවත්කම්වලට කටයුතු සැලසේ. නීති ගැටලුවකින් නිදහස අත් කරයි.

✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post