ලංගම බස් රථ රියදුරෙකුට බරපතළ වැඩ සහිත සිරදඬුවම් - මෙන්න හේතුව



 ධාවනයට නුසුදුසු ලංගම බස් රථයක් පටු මාර්ගයක අපරික්ෂාකාරී ලෙස ධාවනය කර පුද්ගලයෙකු මරණයට පත්කළ චෝදනාවකට වරදකරු වූ කැබිතිගොල්ලෑව ඩිපෝවේ බස් රථ රියදුරෙකුට කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර තිබේ.

එසේම රුපියල් 15,000ක දඩ මුදලක් සහ මියගිය පුද්ගලයාගේ පාර්ශ්වය වෙත මුදලින් රුපියල් ලක්ෂ 05ක වන්දියක් ගෙවන ලෙස ද අධිකරණය නියෝග කර ඇති බව අද (19) අප වාර්තාකරු පැවසීය.

මීට අමතරව විත්තිකරුගේ රියදුරු බලපත්‍රය වසරක කාලයක් අත්හිටුවීමට ද අධිකරණය නියෝග කර තිබේ.

2017 වසරේ ජූලි මස 8 වැනිදා සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනය ඇතුළු චෝදනා 05ක් යටතේ නඩු පවරා තිබුණි.

අධිකරණය විසින් නඩුව විභාග කර අදාළ සියලුම චෝදනා සඳහා විත්තිකරු වරදකරු බවට තීන්දු කරමින් මෙම දඬුවම් නියම කර ඇත. 

✅✅✅✅✅✅✅✅✅✅



📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post