මධ්‍යම පරිසර අධිකාරිය විසින් අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියේ වැඩකටයුතු අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ, එහි ආයෝජකයින් මෙරටින් ඉවත් වීමේ තීරණයකට එළඹ තිබේ. මේ සම්බන්ධයෙන් ‘Amber Adventures’ සමාගම ආයෝජන මණ්ඩලය වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ, නිසි තාක්ෂණික පදනමකින් තොරව සමාජ මාධ්‍ය වාර්තා මත පදනම්ව මෙම තීරණය ගෙන ඇති බවයි.
ඇමරිකානු ඩොලර් මිලියන 12.75 ක සමස්ත ආයෝජනයක් සහිත මෙම ව්‍යාපෘතිය සඳහා මේ වන විටත් රුපියල් බිලියනයකට අධික මුදලක් වැය කර ඇත. නායයෑම් අවදානමක් පවතින බවට එල්ල වන චෝදනා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක, මෙවැනි බාධා කිරීම් සිදුවීම කණගාටුදායක බව සමාගම පවසයි. රාජ්‍ය නිලධාරීන්ගේ ද්වේෂසහගත ක්‍රියාකලාපය හමුවේ ව්‍යාපෘතිය අත්හැර දැමීමටත්, සිදු වූ පාඩුව සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් තමන් තීරණය කර ඇති බව ආයෝජකයින් වැඩිදුරටත් අවධාරණය කරයි.
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න
