නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් අද (23) අලුයම් කාලයේදී දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 5.0ක් ලෙස වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ වගේම බණ්ඩාරවෙල ප්‍රදේශයේ අද අලුයම සටහන් වූ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.5ක් බවද, බදුල්ල ප්‍රදේශයේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.8ක් ලෙස වාර්තා වී ඇති බවද ප්‍රකාශ කරයි.
එමෙන්ම මහඉලුප්පල්ලම ප්‍රදේශයෙන් අද අලුයම වාර්තා වූ අවම උෂ්ණත්වය 19.3ක් ලෙස සටහන් වී තිබේ.
එසේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ අවම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් පහත ආකාරයේ සිතියමක දැක්වේ.
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
