විදුලියත් නෑ.. පාරවලුත් නෑ.. ඇමරිකාවම හොල්ලන මහා හිම පතනය ගැන අලුත්ම තොරතුරු මෙන්න.

 


දැනටමත් මුළු ලෝකයේම අවධානය ඇමරිකාව දෙසට යොමු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි එරටට බලපාමින් තියෙන දරුණුතම ශීත ඍතු කුණාටුව.



මේ තත්ත්වය කෙතරම් දරුණුද කියනවා නම්, දැනටමත් ගුවන් ගමන් 8,000කට වඩා වැඩි ප්‍රමාණයක් අවලංගු කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.

කාලගුණ විද්‍යාඥයෝ පවසන අන්දමට මේ කුණාටුවෙන් සිදුවන හානිය සාමාන්‍ය සුළි කුණාටුවකින් සිදුවන හානියට සමාන වෙන්න පුළුවන්. විශේෂයෙන්ම නැගෙනහිර ටෙක්සාස් සිට උතුරු කැරොලිනා දක්වා ප්‍රදේශවලට විනාශකාරී අයිස් කුණාටු සහ අධික හිම පතනයක් බලාපොරොත්තු වෙනවා.

නිව් මෙක්සිකෝ සිට නිව් එංගලන්තය දක්වා වෙසෙන අතිවිශාල ජනතාවකට දැඩි අවධානයෙන් පසුවන ලෙස දන්වා තිබෙනවා. දරුණු කාලගුණය නිසා විදුලිය විසන්ධි වීමට සහ ප්‍රධාන මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර වීමට වැඩි ඉඩක් ඇති බවට බලධාරීන් අනතුරු අඟවනවා.

වොෂින්ටන්, නිව්යෝර්ක් සහ බොස්ටන් වැනි ප්‍රධාන නගරවලට අඩියක පමණ ඝන හිම තට්ටුවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ වන විටත් එරට ජනතාව තමන්ගේ ආරක්ෂාව ගැන දැඩි සැලකිල්ලකින් ඉන්නවා. සොබාදහමේ මේ අකාරුණික මැදිහත්වීම ඇමරිකාව වැනි රටක් පවා අසරණ කර ඇති අයුරු ඇත්තටම භයානකයි.


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post