මීගහකොටුව රජයේ රැඳවුම් බාලිකා නිවාසයේ රඳවා සිටින ලද දැරියක් එම නිවාසයෙන් පලා ගොස් ඇති බව භාරකාර පාලිකාව විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
හලාවත පොලිස් ස්ථානය මගින් ඒ අනුව, 2025.07.14 වන දින මෙම දැරිය අනාරක්ෂිතව සිටියදී භාරයට ගෙන හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හලාවත ප්‍රදේශයේම පිහිටි ළමා නිවාසයට ඇතුළත් කර තිබුණි.
එහිදී 2025.07.17 වන දින දැරිය නැවතත් එම ළමා නිවාසයෙන්ද පලා ගොස් ඇති බවට වාර්තා විය.
අතුරුදන් වූ දැරියගේ විස්තර
නම - විල්ලැෆ් ෆැන්සිස්කුගේ මයුමි ප්‍රාර්ථනා
වයස - අවුරුදු 15
ලිපිනය - අංක 06 හේනේගෙදර, උඩුබද්දාව
දැරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
දුරකතන අංක :- 1. ස්ථානාධිපති කුලියාපිටිය - 071-8591263
2. පොලිස් ස්ථානය කුලියාපිටිය - 037-2281222
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න
