බොරුවක් පැතිරෙනවා අහුවෙන්න එපා - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

 


අධ්‍යපන අමාත්‍යාංශය විසින් ප්‍රචාරය වන සාවද්‍ය පුවතක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහතින්,

“නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අද (2026.01.29) පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීමේ ජාතික වැඩසටහන අතුරුගිරිය බප/ජය/ ගුණසේකර ප්‍රාථමික විද්‍යාලයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී විෂයභාර අමාත්‍යතුමිය ලෙස අග්‍රාමාත්‍යතුමිය විසින් සිය කතාවේදී මේ වසරේ 6 ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා දරුවන්ට අසාධාරණයක් සිදු නොකරන බවත් ඉදිරියේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එම දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන බවත් පැවසූ අතර ඒ පුවත යම් වැරදි වටහා ගැනීමකින් 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ මේ වසරේ ක්‍රියාත්මක වන බව සදහන් කරමින් සාවද්‍ය පුවතක් පළ වෙමින් පවතියි. මෙමගින් දරුවන්, දෙමාපියන් මෙන්ම සමාජය තුළ ද වැරදි මතයක් නිර්මාණය වී එබැවින් අග්‍රාමාත්‍යතුමිය සිය කතාවේ සඳහන් කළ පරිදි “2026 වසරේ 6 වන ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ටද අසාධාරණයක් නොවන ලෙස ඉදිරියේදී විධිමත් ව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාවලිය තුළට ඇතුළත් කර ගැනීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් සලකා බලමින් සිටිනවා” ලෙස පුවතනිවැරදි කරන ලෙස ඉල්ලා සිටිමි.”   

බොරුවක් පැතිරෙනවා අහුවෙන්න එපා - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් | Education Ministry Clarifies False News

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post