බොහෝ දෙනෙක් නින්දේ පසුවන අවස්ථාවක අසල්වැසි ඉන්දියාව අද අලුයම මේ මොකද වුණේ.... ඇසෑම් වලට වුණු දේ මෙන්න!

 


අසල්වැසි ඉන්දියාවෙන් අද (05) අලුයම ඉතාම තැතිගන්වනසුලු පුවතක් වාර්තා වුණා.


 ඒ, ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය ඇතුළු ඊසානදිග ප්‍රදේශ කිහිපයක් ප්‍රබල භූ කම්පනයකින් දෙදරුම් කා ඇති බවයි.


අද අලුයම 4:17ට පමණ මෙම භූ කම්පනය සිදුව තිබෙන්නේ බොහෝ දෙනෙක් නින්දේ පසුවන අවස්ථාවකයි. රික්ටර් මාපකයේ 5.1ක ප්‍රබලත්වයක් සටහන් කළ මෙම කම්පනය මධ්‍යම ඇසෑම්හි මොරීගාඕන් (Morigaon) ප්‍රදේශයට දැඩි ලෙස දැනී ඇති බවයි වාර්තා වන්නේ.

භූ කම්පනයත් සමඟ ජනතාව දැඩි ලෙස කලබල වුණත්, වාසනාවකට මෙන් මේ දක්වා කිසිදු ජීවිත හානියක් හෝ විශාල දේපළ හානියක් වාර්තා වී නැහැ. බලධාරීන් පවසන්නේ ඇසෑම් ඇතුළු මේ ප්‍රදේශ ලෝකයේ වඩාත්ම භූ කම්පන අවදානම සහිත (Seismic Zone V) කලාපයට අයත් වන බවයි.


✅✅✅✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post