මෙවර ජාතික නිදහස් දිනයට සමගාමීව මුළු රටම පින්බර කරවන සුවිශේෂී පුවතක් අද වාර්තා වුණා.
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සිට මෙරටට වැඩම කරනු ලබන සර්වඥ ධාතූන් වහන්සේලා ලබන මස සිට වැඳපුදා ගැනීමට සැදැහැවත් ජනතාවට අවස්ථාව ලැබෙනවා.
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (17) මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා බැහැදැක මේ ගැන නිල වශයෙන් දැනුම් දුන්නා.
මෙම ධාතු ප්‍රදර්ශනය ලබන පෙබරවාරි 04 වැනිදා සිට සතියක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.
පසුගිය අප්‍රේල් මාසයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ, ජනපති අනුර කුමාර දිසානායක මහතා සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ මහඟු අවස්ථාව අපේ රටට ලැබිලා තියෙන්නේ.
පෙබරවාරි 04 වැනිදා උදෑසන 11:00 ට ධාතූන් වහන්සේලා කටුනායකට වැඩම කරවනවා. එදිනම පස්වරු 3:00 සිට ගංගාරාමයේදී වැඳපුදා ගැනීමේ අවස්ථාව මහජනතාවට විවෘතයි.
ප්‍රදර්ශනය පෙබරවාරි 11 වැනිදා දක්වාම පැවැත්වෙනවා.
✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
