මහනුවර මෙහෙම තැනක් තිබුණා කියලා ඔබ දැනගෙන හිටියාද? ලංකාවේ ලොකුම තැනත් මෙතන කියලයි කියන්නේ...

 


මහනුවර කිව්වම අපිට මතක් වෙන්නේ දළදා මාළිගාවයි, වැව රවුමයිනේ. 



හැබැයි දැන් මහනුවරට යන ඔබට මීට කලින් ලංකාවේ කොහේවත් නොදැකපු අලුත්ම අත්දැකීමක් විඳගන්න පුළුවන් කියලා ආරංචියක් එනවා..

මහනුවර, තලාතුඔය, සිංහාරගම ප්‍රදේශයේ තමයි මේ දැවැන්ත මින්මැදුර පිහිටලා තියෙන්නේ. මේක නිකම්ම මින්මැදුරක් නෙවෙයි, මේක තමයි දැන් ලංකාවේ තියෙන ලොකුම මින්මැදුර.

මේ මින්මැදුරේ විවිධ වර්ගයේ මාළු යාළුවෝ 32,000ක් විතර ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඇස් අදහාගන්න බැරි තරම් ලස්සන, විවිධ වර්ණවලින් යුත් මාළුන්ගෙන් මේක පිරිලා.

ඔබේ Instagram හෝ Facebook එකට ලස්සන පොටෝ ටිකක් ගන්න බලන් ඉන්නවා නම්, මේක නම් හොදම තැනක්. ඒ තරමටම මෙහි ඇතුළත සහ පිටත සැලසුම් කරලා තියෙන්නේ හරිම ආකර්ෂණීය විදිහට.

නිවාඩු දවසක පවුලේ අයත් එක්ක, එහෙමත් නැත්නම් යාළුවෝ සෙට් එකත් එක්ක ගිහින් නිදහසේ කාලය ගත කරන්න පුළුවන් නියම තැනක් විදිහටයි මේක ප්‍රසිද්ධ වෙන්නේ.

✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post