නයිජීරියාවට අත් වූ ඇඟ හිරිවැටෙන ඛේදවාචකය

 


නයිජීරියාවේ නයිජර් ප්‍රාන්තයේ වෙළෙඳසැලකට එල්ලවු ප්‍රහාරයකින් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

එසේම තවත් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම වෙළෙඳපොළ වෙත කඩා වැදුණු සන්නද්ධ කල්ලියක් විසින් අදාළ ප්‍රහාරය එල්ල කර ඇති අතර තවත් පුද්ගලයින් පිරිසක් පැහැර ගෙන ගොස් ඇති බව ද සඳහන්.

කෙසේ වෙතත් නයිජීරියානු ජනාධිපතිවරයා සඳහන් කළේ අදාළ ප්‍රහාරය හෙළා දකින බවත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වහා කටයුතු කරන ලෙසත් ය.

එමෙන්ම ප්‍රහාරය අතරතුර පැහැරගත් සියලු පුද්ගලයින් වහා බේරා ගන්නා ලෙස ද ජනාධිපතිවරයා එරට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දි ඇත.

✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post