සුප්‍රසිද්ධ කෝලා බීම වෙළඳපොළේ නැත්තටම නැති වෙයි - විශාල හිඟයක් ආයේ ආසාවටවත් බොන්න වෙන් නෑ

 


බීම කලාවේ උඩින්ම කිරුළු පැළඳ සිටි කොකාකෝලා සම්බන්ධයෙන් පුවතක් මේ දිනවල වාර්තා වේ. ඒ මෑතක පටන් වෙළඳසැල්වල ඇති වී තිබෙන කොකාකෝලා බෝතල් හිඟයක් සම්බන්ධයෙන්.

මෙම හදිසි හිඟයට ප්‍රධානතම හේතුව ලෙස සඳහන් වන්නේ මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ 'දිට්වා' (Ditwah) සුළි කුණාටුව සහ ඒ සමඟ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වයයි.

බියගම සහ රණාල ප්‍රදේශවල පිහිටි බීම නිෂ්පාදන කර්මාන්තශාලා ගංවතුරෙන් යටවීම සහ දූෂණය වීම හේතුවෙන් නිෂ්පාදන කටයුතු දැඩි ලෙස අඩාල වී ඇති බව පවසයි.

ඒ අනුව මෙම සැපයුම් බිඳවැටීම මාස දෙකකට අධික කාලයක සිට පවතින බව සඳහන්.

එමෙන්ම කර්මාන්තශාලාවල යන්ත්‍ර සූත්‍රවලට සිදුවූ හානි පිළිසකර කිරීමට විදෙස් රටවලින්, විශේෂයෙන් ජර්මනියෙන් ඉංජිනේරුවන් ගෙන්වා ගැනීමට සිදුව ඇති බව ද ඇතැම් තොරතුරු මූලාශ්‍ර පවසයි.

මෙම තත්ත්වය හේතුවෙන් වෙළඳපොළේ 'කෝක් සීටෝ' (Coke Zero) බීම වර්ග සොයා ගැනීම ඉතා අපහසු වී ඇති අතර, බොහෝ පාරිභෝගිකයින් ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිය කනස්සල්ල ද පළ කර ඇත.

ඊට අමතරව ඇලුමිනියම් ටින් හිඟයක් ද පවතින බව කියැවෙන අතර, රණාලේ පිහිටි පෙප්සි (Pepsi) නිෂ්පාදනය කරන වරුන් බෙවරේජස් (Varun Beverages) කර්මාන්තශාලාව ද ගංවතුරෙන් පීඩාවට පත්වීම හේතුවෙන් තරඟකාරී නිෂ්පාදනවල ද යම් අඩුවක් දක්නට ලැබෙන බව සඳහන්.

අඳාළ බීම හිඟය හමුවේ ඇතැම් පාරිභෝගිකයින් විකල්ප දේශීය නිෂ්පාදන වන කික් කෝලා (Kik Cola) සහ A1 කෝලා වැනි බීම වර්ග වෙත යොමු කර ඇති බව පෙනෙන්නට ඇත.

කෙසේ වෙතත් සීනි අධික බීම වර්ග සෞඛ්‍යයට අහිතකර බවට ඇතැම් පිරිස් තර්ක කළ ද, දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් ඇති පිරිස් තමන්ට පානය කළ හැකි සීනි රහිත බීම වර්ග (Sugar-free/Zero) නොමැතිවීම ගැන දැඩි අපහසුතාවයට පත්ව සිටින බව වාර්තා වේ.

කර්මාන්තශාලා අලුත්වැඩියා කටයුතු අවසන් කර අඳාළ නිෂ්පාදන නැවත යථා තත්ත්වයට පත්වීමට තවත් යම් කාලයක් ගතවනු ඇති බව පවසයි.


✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post