මේ කියන්න යන්නේ ඇසූවන්ගේ සිතට කඳුළක් ගෙන දුන් තවත් එක් සිද්ධියක් ගැන සංවේදී කතාවක්.
මව්පියන් තමන්ගේ දරුවන්ගේ ජීවිත රැකගන්න මොන තරම් නම් කැපවෙනවාද කියන එකට ඇත්තටම මේක හොඳ උදාහරණයක්. මෑතකදී මෙක්සිකෝ නගරයේ වීදියක දක්නට ලැබුණු එක් දර්ශනයක් ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ නෙතට කඳුළක් එක් කළා.
එය සාමාන්‍ය පවුලක් සවස් වරුවේ ඇවිද යන දර්ශනයක් නොව, ජීවිතය වෙනුවෙන් කරන දැවැන්ත අරගලයක සජීවී සාක්ෂියක් වැනියි.
එම අවස්ථාවේදී පාරේ ගමන් කළ මව එක් දරුවෙකු වඩාගෙන සිටි අතර, පියා අනෙක් දරුවාව තම පපුවට තුරුළු කරගෙන සිටියා. නමුත් වඩාත් සංවේදී වූයේ පියාගේ කර මත තිබූ ඔක්සිජන් ටැංකි දෙකයි.
මේ කුඩා දරුවන් දෙදෙනාම හුස්ම ගැනීම සඳහා සම්පූර්ණයෙන්ම මෙම ඔක්සිජන් ටැංකි මත යැපෙන රෝගී තත්වයකින් පසුවනවා. පදික වේදිකා සහ බංකු අතරින්, අධික බරක් සහිත ඔක්සිජන් ටැංකි ද දරාගෙන, තම දරුවන්ගේ ජීවිත සුරැකීමට මේ දෙමාපියන් විඳින අප්‍රහත ධෛර්යය දුටු කාගේත් හදවත් කම්පාවට පත් වුණා.
මෙම සංවේදී ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වීමත් සමඟ, මෝටර් රථ කර්මාන්තයේ නියැලී සිටින ව්‍යාපාරිකයෙකු වන හෙරිබර්ටෝ වර්ගාස් (Heriberto Vargas) මහතාගේ අවධානය ඒ වෙත යොමු වුණා.
ඔහු ප්‍රකාශ කර සිටියේ කෙසේ හෝ මෙම පවුල සොයා ගැනීමට තමන්ට අවශ්‍ය බවයි. ඔවුන් සොයාගත් පසු, ඔවුන්ගේ ගමන් බිමන් පහසු කරවීම සඳහා මෝටර් රථයක් පරිත්‍යාග කිරීමට ඔහු තීරණය කර තිබෙනවා.

📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න