වාකරේ පින්තූරේ හැඩ කළ, රටම හඳුනන ජනප්‍රිය විශේෂ බලකා විරුවා
රණ වික්‍රම වීර පදක්කම ආදි ක්‍රියාන්විත මෙහෙයුම් සඳහා හිමිවන පදක්කම් රැසකට හිමිකම් කියන ශ්‍රී ලංකා යුධ හමුදාවේ හදවත බඳු වූ විශේෂ බලකාය නියෝජනය කළ සැරයන් ජනක ප්‍රසන්න සමරනායක හෙවත් රටම දන්නා SF සමරේ අයියා
“ඔය ප්‍රසිද්ධ වුණු පින්තුරේ මගේ සුපුරුදු MPMG අවිය එක්ක මම දාගෙන ඉන්නේ සතුරාගේ හිස්වැසුමක්, මම ඕක ගත්තේ LTTE බංකරයකින්, එහෙම කරේ, LTTE එක හිසරදයක් වෙලා තිබුණේ ලංකාවටම, LTTE එක විනාශ කරලා නැතිකරලා දානකල්ම මම ඕක හිසෙන් ගැලෙව්වේ නෑ”
“මාවිල් ආරු Dam එකේ අපි Fire එකක් දුන්නා MPMG Barrel එක ගිනි රතු වෙනකම්, ගහන්න පටන් ගත්තු ගමන් LTTE කෑගහගෙන දුවන සද්දේ තමයි අපිට ඇහුණේ”
~ SF සමරේ ~
සමරේ අයියා හරිම නිහතමානී, ආදරණීය චරිතයක් බව සඳහන් කළ යුතුමයි. මාතෘභූමිය රැකගැනීම වෙනුවන් කළ ක්‍රියාන්විතයක දී ඔහුගේ දකුණු පාදය මේ රට වෙනුවෙන් පුද දෙන ලදී. මෙවැනි විරුවන්ගේ ඒ පරිත්‍යාගය කිසිදා අමතක නොවේවා! මේ විරුවන්ගේ මතකය සදාකාලික වේවා!
ස්තුතිය, වැළලී යන යුධ ඉතිහාසය නැවත ලියන නිහතමානී Sanjeewa Rathnayake අයියාට සමරේ අයියාගේ කෘතීම පාදය සාදාගැනීම වෙනුවෙන් සංජීව අයියා කළ සේවය ද ඇගයිය යුතුමයි
උපුටාගැනීමකි
✅✅✅✅✅✅✅✅✅✅✅
