ගාලු කොටුවේ සිරි නැරඹීමට ගිය විදේශිකයෙකුට අවාසනාවන්ත ඉරණමක් අත්වෙයි

 


ගාලු කොටු බැම්ම මත ඇවිදිමින් සිටි ඊශ්‍රායල් ජාතික සංචාරකයෙකු (14) රාත්‍රියේ බැම්මෙන් ලිස්සා බිමට වැටී බරපතල තුවාල ලබා තිබේ.


අනතුරින් තුවාල ලැබූ විදේශිකයා ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් වහාම කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ අනතුරට පත්ව ඇත්තේ 78 හැවිරිදි ඊශ්‍රායල් ජාතිකයෙකි. ඔහු පසුගිය 7 වන දින මෙරටට පැමිණ කොග්ගල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිට ඇත.


පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ සංචාරකයා ගාලු කොටුවේ සිරි නැරඹීම සඳහා පැමිණ කොටු බැම්ම මත ඇවිදිමින් සිටියදී හදිසියේ ලිස්සා බිමට වැටී ඇති බවයි.


රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අනතුර හේතුවෙන් ඔහුගේ දකුණු කකුලට සහ දකුණු අතට දැඩි හානි සිදුව ඇති බවයි. ඔහු මේ වන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

ගාල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.


✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post