අලුතින්ම මිලදීගත්ත වෑන් රථය එදිනම ප‍්‍රපාතයට පෙරලේ..

 


හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දිඹුල පතන පොලිස් බල ප්‍රදේශයට අයත් සෙන් ක්ලෙයාර් වතුයාය ආසන්නයේදී (29) සිදු වූ රිය අනතුරකින් එක් දරුවකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව දිඹුලපතන පොලිසිය පවසයි .

​පෙරවරු 9.00 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ සෙන් ක්ලෙයාර් ප්‍රදේශයේ සිට හැටන් දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙනි.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අදාළ වෑන් රථය මහනුවර ප්‍රදේශයේ සිට අලුතින්ම මිලදී ගෙන රැගෙන ආ එකක් බවයි.

අනතුර සිදුවන අවස්ථාවේදී රථය පියා විසින් පදවා ඇති අතර, ඔහුගේ දරුවන් තිදෙනාද රථය තුළ සිට ඇත.

අනතුරින් රථයේ සිටි එක් දරුවකු තුවාල ලබා ඇති අතර, ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව තුවාල ලැබූ දරුවා වහාම කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

සෙසු පිරිසට බරපතල තුවාල සිදුව නොමැති බව වාර්තා පොලිසිය පවසයි ,

​රථය ධාවනය වෙමින් තිබියදී රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

ආර්.එෆ්.එම්.සුහෙල් 

✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post