පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

 


78 වන ජාතික නිදහස් දින උත්සවය හා එහි පෙරහුරු වැඩසටහන් සඳහා කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව පොලීසියෙන් නිකුත් කරන ලද විශේෂ රථවාහන සැලැස්ම අනුව, මෙම උත්සවය පෙබරවාරි 4 වනදා කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට කටයුතු සිදු කර ඇත.

ඊට සමගාමීව, පෙරහුරු වැඩසටහන් හෙට (30) සිට පෙබරවාරි 2 වනදා දක්වා ක්‍රියාත්මක වන අතර, කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සහ විකල්ප මාර්ග භාවිතා කිරීමට මෙම විශේෂ සැලැස්ම ක්‍රියාත්මක වේ.

විශේෂයෙන්, පෙරහුරු පුහුණුව සඳහා හෙට (30), අනිද්දා (31) සහ පෙබරවාරි 2 වනදා උදෑසන 7.45 සිට දහවල් 1.30 දක්වා පූර්ව පෙරහුරු කටයුතු සිදු කෙරේ.

පෙබරවාරි 1 වනදා පෙ.ව. 5 සිට දහවල් 1.30 දක්වා සහ පෙබරවාරි 4 වනදා පෙ.ව. 5 සිට නිදහස් දින උත්සව අවසන් වනතුරු, අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කෙරේ.

Gallery

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post