වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව ගිවිසුම් ගත වීම මීට සුළු මොහොතකට පෙර සිදුව ඇත.
ඒ අනුව ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ මෙලෙස ගිවිසුම්ගත වීම සිදු වන බවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය නිවේදනය කළා.
මෙම වසර සඳහා වූ අයවැය ඉදිරිපත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් වතු කම්කරුවෙකුගේ වැටුප රුපියල් 1,750ක් දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත.
ඒ අනුව මූලික වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1,550ක් දක්වා රුපියල් 200කින් ද, පැමිණීමේ දීමනාව වශයෙන් රුපියල් 200ක මුදලක් රජය මඟින් ගෙවීමටයි තීරණය කර ඇත.
මේ අනුව මෙම වැටුප් වැඩිවීම මෙම මාසයේ සිට ලබාදීම සඳහා ඉකුත් දා කැබිනට් අනුමැතිය ද හිමි වූ අතර ඒ සඳහා අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 5000ක් වේ.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments