නගරවලට ඉහළින් ප්ලාස්ටික් වලාකුළු - විද්‍යාඥයොත් පුදුම වෙලා

 


චීනයේ ප්‍රධාන නගර දෙකකට ඉහළින් ඇති වාතය පරීක්ෂා කිරීමේදී මුළු ලොවටම තර්ජනයක් වී ඇති විෂ සහිත මූලද්‍රව්‍යයක පැවැත්ම අනාවරණය වී තිබේ.

ගුවැන්ග්ෂු සහ ෂියැන් යන නගරවල වායුගෝලයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් සහ නැනෝ ප්ලාස්ටික් කොතරම් විශාල ප්‍රමාණයක් පවතීද යත්, ඒවා මගින් ප්ලාස්ටික් වලාකුළු නිර්මාණය වීමට පවා පටන් ගෙන ඇති බවයි පර්යේෂකයෝ පවසයි.

චීන විද්‍යා ඇකඩමියේ පර්යේෂකයන් විසින් මෙම නගරවලට ඉහළින් ඇති වායුගෝලයේ ඇති ප්ලාස්ටික් අංශු පරීක්ෂා කළේය.

මෙම පර්යේෂණය සඳහා විද්‍යාඥයන් විසින් පරිගණක මගින් පාලනය වන නවීන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය තාක්ෂණයක් භාවිතා කර තිබුණි.

එහිදී හමු වූ තොරතුරු දැක ඔවුන් දැඩි ලෙස කනස්සල්ලට පත්ව ඇති අතර සිය සොයාගැනීම් පිළිබඳ 'Science Advances' සඟරාවේ පළ කර තිබුණි.

මෙම අධ්‍යයනයට අනුව, වාතයේ පාවෙන ප්ලාස්ටික් අංශු සහ දූවිලි ප්‍රමාණය මීට පෙර දෘශ්‍ය ක්‍රම මගින් ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා දෙගුණයක සිට හය ගුණයක් දක්වා වැඩි බව නිරීක්ෂණය වී තිබේ. මෙයින් පෙනී යන්නේ ප්ලාස්ටික් දූ#ණය අප සිතා සිටියාට වඩා බොහෝ ඉහළ මට්ටමක පවතින බවයි.


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post