කැතට සිටි පකිස්තාන ඇමතිවරියක හිටිහැටියේ සුරූපී පෙනුමක් ලැබීම ගැන සමාජ මාධ්‍ය ආන්දෝලනයක්!



 පාකිස්තානයේ පාලක පක්ෂය වන PML-N & ජ්‍යෙෂ්ඨ නායිකාවක් මෙන්ම වත්මන් පන්ජාබ් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරියක වන මරියම් ඖරන්ගසීබ් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහකට ලක්ව සිටින්නේ ලාහෝර් නුවර පැවති විවාහ උත්සවයකදී

ඇය පෙනී සිටි හාත්පසින්ම වෙනස් වූ නව පෙනුම හේතුවෙනි. පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ මුණුපුරා සහ මරියම් නවාස්ගේ පුත්‍රයා වන ජුනයිඩ් සන්දර්ගේ විවාහ මංගල්‍යය සඳහා ආරාධිතඅමුත්තියක ලෙස ඇය සහභාගී වූ අතර එහිදී ඇයගේ පෙනුම කාගේත් අවධානය දිනා ගැනීමට සමත් විය.

ජුනයිඩ් සන්දර් සහ ෂන්සේ අලි රොහයිල් අතර ලාහෝර් හිදී ඉතා උත්කර්ෂවත් ලෙස පැවති මෙම විවාහ මංගල්‍යයේදී මරියම් ඖරන් ගසීබ් රන් පැහැති ඇඳුමකින් සැරසී සිටි අතර ඇය පෙරට වඩා ඉතා සිහින් සිරුරකින් සහ තියුණු මුහුණුවරකින් දිස්වීම කාගේත් විමතියට හේතු වී තිබේ. ඇයගේ මෙම හදිසි වෙනස්වීම සහ දීප්තිමත් පෙනුම දුටු බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් ඇය රූපලාවන්‍ය ශල්‍යකර්මයක් (Cosmetic Surgery) සිදුකර ඇතැයි යන සැකය මතු කර ඇති අතර, එක් අයෙකු "ඇයගේ වෛද්‍යවරයා හොලිවුඩයේ සිටින දක්ෂතම රූපලාවන්‍ය වෛද්‍යවරුන් පවා අභිබවා ගොස් ඇති " බවට සමාජ මාධ්‍ය ජාලයක් වන X හි සටහනක් ද තබා තිබිණි.

ඩුබායි හි පදිංචි වෛද්‍යවරියක් මෙම වෙනස ගැන ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් පළ කර ඇති අතර, මරියම් අවුරන්සෙබ්ගේ පරිවර්තනීය පෙනුම කළේ ඇය බව පවසා ඇත. ඇයගේ ශීර්ෂ පාඨය මතපදනම්ව රෙඩිට් වෙබ් අඩවිය තුළ විශාල සංවාදයක්ද මතුව තිබේ.

කෙසේ වෙතත් මෙම රූපලාවන්‍ය ශල්‍ය කර්ම කටකතා පිළිබඳව මෙතෙක් කිසිදු නිල තහවුරු කිරීමක් සිදු වී නොමැත. 45 හැවිරිදි මරියම් ඖරන් ගසීබ් 2013 වසරේ සිට දේශපාලනයේ සක්‍රීයව නිරත වෙමින් දැනට තොරතුරු, පරිසර ආරක්ෂණ, සැලසුම්, වනජීවී සහ ධීවර ඇතුළු අමාත්‍යාංශ රැසක වගකීම් දරන ප්‍රබල චරිතයක් ලෙස කටයුතු කරයි.


✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post