තාත්තා කෙනෙක් මේ දුක කොහොම නම් දරාගන්නද..?
මේ තරම් මහන්සියෙන් ඇයව උස්මහත් කරන්න ඔහු මොන තරම් නම් වෙහෙසක් ගන්න ඇතිද?
මේ තරම් මහන්සියෙන් ඇයව උස්මහත් කරන්න ඔහු මොන තරම් නම් වෙහෙසක් ගන්න ඇතිද?
තමන්ගේ පණ හා සමාන දියණිය, ඔහු ජීවත්ව සිටියෙදීම මෙලෙස අකාලයේ ජීවිතයෙන් සමුගැනීම ගැන පියෙකු ලෙස නිකිතාගේ පියා පසුවෙන්නේ කම්පනයෙන්.
ඒත් එක්කම නොහිතන මොහොතක ඇගේ ඝාතනය සම්බන්ධයෙන් ඇසෙන කතාව වෙනස් වෙනවා.
අමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ කොලොම්බියා තරුණියක් අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 27ක් වූ නිකිතා ගොඩිෂාලා නම් තෙළිඟු තරුණියක්.
මෙම ඝාතනය ඇයගේ හිටපු පෙම්වතා විසින් සිදු කළ බවට මීට පෙර වාර්තා වුවද, ඇයගේ පියා වන ආනන්ද් ගොඩිෂාලා පවසන්නේ සැකකරු ඇයගේ පෙම්වතා නොව ඇය සමඟ පෙරදී එකම නිවසේ නවාතැන්ගෙන සිටි අයෙක් මෙම ඝාතනය කර ඇති බවයි.
නිකිතාගේ පියා පවසන පරිදි, මෙම ඝාතනයට හේතුව වී ඇත්තේ මුදල් සම්බන්ධ ආරවුලක්.
සැකකාර අර්ජුන් ෂර්මා නමැති තරුණයා නිකිතාගෙන් වරින් වර මුදල් ලබාගෙන තිබෙනවා.
මෑතකදී ඔහු ඇමරිකානු ඩොලර් 4,500ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 13කට අධික) ලබාගෙන ඇති අතර, ඉන් ඩොලර් 3,500ක් ආපසු ගෙවා ඇති බව සඳහන්.
ඔහු නැවතත් ඩොලර් 1,000ක් ඉල්ලා ඇති නමුත් නිකිතා එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අර්ජුන් ෂර්මා තවත් බොහෝ අයගෙන් ණය ලබාගෙන ඉන්දියාවට පලායාමට සැලසුම් කර ඇති බව නිකිතා දැනගෙන ඇති අතර ඇය දුන් මුදල් ආපසු ඉල්ලූ අවස්ථාවේදී ඇතිවූ ආරවුලක් මත ඔහු ඇයට පිහියෙන් ඇන ඝාතනය කර ඇති බවයි පියා චෝදනා කරන්නේ.
දත්ත විශ්ලේෂකවරියක ලෙස සේවය කළ නිකිතා දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ සිය පියාට දුරකථනයෙන් අමතා අලුත් අවුරුද්දට සුබ පතා තිබෙනවා.
එය ඇයගේ අවසාන ඇමතුමයි.
ජනවාරි 2 වැනිදා ඇය අතුරුදහන් වී ඇති බවට වාර්තා වූ අතර, පසුව ඇයගේ සිරුර පිහි පහරවල් සහිතව අර්ජුන් ෂර්මාගේ මහල් නිවාසයේ තිබී සොයාගෙන තිබෙනවා.
අර්ජුන් ෂර්මා ඝාතනයෙන් පසු ඉන්දියාවට පලා ගොස් ඇති බවට ඇමරිකානු පොලිසිය විශ්වාස කරනවා.
ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා.
පසුගිය සඳුදා තමිල්නාඩුවේදී ඔහුට සමාන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තද, පසුව ඔහු අර්ජුන් ෂර්මා නොවන බව තහවුරු වීම නිසා නිදහස් කර ඇති බව සඳහන්.
නිකිතාගේ පියා ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටින්නේ සිය දියණියගේ දේහය හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනීමට උදව් කරන ලෙසත්, ඝාතකයාට උපරිම දඬුවම් ලබා දෙන ලෙසයි.



