මේ කියන්න යන්නේ අද දවසේ රන්මිල ගැන ඇසෙන විශේෂ ආරංචියක් ගැන කතාවක්..
ඇත්තටම රත්තරන් වෙළඳපොළ මේ දවස්වල හිතාගන්න බැරි තරම් වෙනස් වෙනවා කිව්වොත් ඒ කතාවට ඔබ එකඟවේවි.
ඊයේ දිනට සාපේක්ෂව අද රන්මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,384,959.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,860.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,790.00ක් සහ රුපියල් 42,760.00ක් ලෙසයි සඳහන් වූයේ.

