පොලිසිය විසින් වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවෙකු හඳුනා ගැනීම සඳහා මහජන සහාය ඉල්ලා සිටියි.
පසුගිය 09 වනදා දෙහිවල හෝටලක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුගේ Al තාක්ෂණය ඔස්සේ සකස් කර ඡායාරූපයක් පොලීසිය විසින් යොමු කර ඇති අතර විමර්ශනයේදී සාක්ෂිකරුවන් ලබාදුන් විස්තර අනුව එම ඡායාරූප නිර්මාණය කර ඇත.
ඝාතනය සිදුකර ඇත්තේ පසුගිය 09 වනදා දෙහිවල පොලිස් වසමේ වන අතර ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී. ඡායාරූපයේ දැක්වෙන සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ස්ථානාධිපති, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය - 071-8596408

📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
