වසර විසිපහක් එකම පැහැයකට ආලය කරන ඇය.. කාන්තාවක් ගැන ඇසෙන ඒ විශ්මයජනක පුවත මෙන්න..

 



වර්ණයක් කියන්නේ හුදෙක් දෘශ්‍යමාන දෙයක් පමණක් නෙවෙයි, එයට පුද්ගලයෙකුගේ මුළු ජීවිතයම වෙනස් කරන්න පුළුවන් කියලා ඔප්පු කරපු අපූරු කතාවක් ගැනයි මේ කියන්න යන්නේ.



එලිසබෙත් ස්වීට්හාර්ට්, මේ කියන්නේ අන්න ඇය ගැනයි.. මේ කාන්තාව අන්තර්ජාලය තුළ වඩාත් ජනප්‍රිය වෙලා ඉන්නේ "The Green Lady of Brooklyn" හෙවත් "බෘක්ලින්හි හරිත ආර්යාව" යන නමින්.

දැන් 83 වැනි වියේ පසුවන එලිසබෙත්, පසුගිය වසර 25ක පමණ කාලය පුරා සෑම දිනකම පාහේ කොළ පැහැති ඇඳුමින් සැරසී සිටින අතර, ඇයගේ ඇඳුම් පැළඳුම්, ඇයගේ කොණ්ඩය පමණක් නොව, ඇය ජීවත් වන නිවස සහ එහි ඇති සියලුම ගෘහ උපකරණ පවා කොළ පැහැයෙන් යුක්ත වීම විශේෂත්වයක්.

එලිසබෙත් වෘත්තියෙන් දක්ෂ කලාකාරිනියක් සහ නිර්මාණකාරිනියක් බවයි දැනගන්නට ලැබෙන්නේ..


📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න

Post a Comment

Previous Post Next Post