"මොන හිතකින්ද මෙහෙම කළේ? පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා බයිසිකලේ යට කරන් පලාගිය ලොරි රකුසා..

 


යාපනය - නුවර ප්‍රධාන මාර්ගයේ වවුනියාව, කළුකුන්නම්මඩුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන්ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අනතුරට පත්කර පලාගිය ලොරි රථයක රියදුරෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.



පොලිසිය සඳහන් කළේ, අණ නොතකා ධාවනය කළ කුඩා ලොරි රථයක් පසුපස හඹාගොස් සිය භාරයට ගැනීමට උත්සහ කළ අවස්ථාවේදී එහි රියදුරු විසින් අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා ඊයේ අනතුරට පත්කර පලාගොස් ඇති බවයි.

අනතුරට ලක්වූ නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු හා ලොරි රථය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post