මේ ප්‍රදේශවල ඉන්න ඔබත් සැලකිලිමත් වෙන්න.. කැළඹෙන මුහුද ගැන විශේෂ දැනුම්දීමක්.

 


මේ ඇසෙන්නේ තවත් එක් විශේෂ කතාවක්. ඔබත් මේ ගැන දැනුවත් වෙන එක වැදගත් වේවි. 


ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායූගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් ගාල්ලේ සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.


එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 පමණ දක්වා ඉහළ යා හැකි අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ ද මද වශයෙන් රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබදව දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා. 


✅✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post