”රටම දන්නවා මගෙ නහයෙ පොඩි තුවාලයක් වුණා කියලා... ඇත්තටම මම වැටුණා... තුවාලෙ කැළල තවම තියෙනවා..." - දේශානි නෙහාරා

 


රටේ ජනප්‍රිය චරිත ගැන විමසිල්ලෙන් පසුවන කාටත්, පහුගිය දවස්වල තිබුණු ප්‍රශ්නයක් තමයි ජනප්‍රිය රංගන ශිල්පිනි දේශානි නෙහාරගෙ නාසයට මොකද වුණේ කියන එක.

ඒ ගැන කවුරුත් කතා වුණේ, ආන්දෝලනාත්මක සටහනක් එක්ක නාසයට ප්ලාස්ටරයක් දැමූ සේයාරුවක් ඇය සමාජ මාධ්‍යයට එක්කිරීමත් එක්ක.

සටහන සහ ඡායාරූපය අතර යම් සම්බන්ධයක් ඇති බවටත් බොහෝ දෙනා උපකල්පනය කරලා තිබුණා.

කොහොම නමුත්, තමන්ට ඇත්තටම වුණේ මොකක්ද කියලා, දේශානි පළමුවරට ප්‍රසිද්ධ කරලා.

ඇය මේ කතාව කියලා තිබුණෙ නාසයේ තුවාලයට ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවක...

" රටම දන්නවා මගෙ නහයෙ පොඩි තුවාලයක් වුණා කියලා. නහය කැඩිලා නැහැ. ඇත්තටම මම වැටුණා. ඒකෙ තුවාලෙ කැළල තවම තියෙනවා. බලමු ප්‍රතිකාර වලින් නහය ආයෙ යථා තත්ත්වයට පත්කරගන්න පුළුවන් වෙයිද කියලා. ඉදිමිලත් තියෙනවා චුට්ටක් නහය. සති තුනක් වෙනවා, තාම අඩු වුණෙත් නෑ...."


✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post