කැඩිච්ච, මැකිච්ච පරණ ID එක වෙනුවට ඉක්මනින්ම අලුත් ID එකක් හදාගමුද..? කරන්න ඕන මෙච්චරයි..

 


රාජ්‍ය සේවයේ කාර්යක්ෂමභාවයත් එක්ක ඔබට මේ සේවාවන් මේ තරම් කඩිනමින් ලබාගන්න පුළුවන් කියලා මීට කලින් දැන සිටියාද..?



පෝලිමේ ඉන්න වෙයි, රස්තියාදු වෙන්න වෙයි කියලා හිතාගෙන ජාතික හැඳුනුම්පත අලුත් කරගන්න එක අතරමැද නවතා දැමුවා නම් මෙන්න තවත් ඒ වෙනුවෙන් කල් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

ඔබේ මුදල් පසුම්බියේ (Wallet) තියෙන ජාතික හැඳුනුම්පත දිහා නිකමට බලන්න. සමහරවිට ඒකේ ඔබේ ඡායාරූපය දැන් හඳුනාගන්නවත් බැරි තරම් මැකිලා ගිහින් ඇති. එහෙමත් නැත්නම් ID එකේ දාර කැඩිලා, ප්ලාස්ටික් කවරය ගැලවිලා හරිම අබලන් තත්වයක ඇති. ගොඩක් දෙනෙක් තමන්ගේ හැඳුනුම්පත මේ විදියට අබලන් වෙලා තිබුණත්, අලුත් කරගන්න තියෙන කම්ැලිකම නිසාම "තාම පාවිච්චි කරන්න පුළුවන්නේ" කියලා හිත හදාගෙන ඉන්නවා.

නමුත් හදිසියේ බැංකුවකට ගියොත්, පාස්පෝට් එක හදාගන්න ගියොත්, එහෙමත් නැත්නම් වෙනත් රාජ්‍ය ආයතනයකට ගිය වෙලාවක මේ කැඩිච්ච ID එක නිසා ඔබ ලොකු අපහසුතාවයකට පත්වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවක "අපරාදේ කලින්ම හදාගත්තා නම් ඉවරයිනේ" කියලා පසුතැවෙන්න වෙනවා.

එක්දින සේවාව (One-Day Service) හරහා ඔබට ලැබෙන විසඳුම

දැන් මේකට ඉස්සර වගේ මාස ගණන් රස්තියාදු වෙන්න අවශ්‍ය නැහැ. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන "එක්දින සේවාව" හරහා මේ වැඩේ ඉක්මනින් කරගන්න පුළුවන්. බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් වගේම ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පිහිටි කාර්යාල හරහාත් මේ පහසුකම ලබාගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් උදෑසනම ගොස් ලියකියවිලි භාර දුන්නොත් එදා හවස් වෙන්න කලින් අලුත් හැඳුනුම්පත අතට ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, තාක්ෂණික දෝෂ, පද්ධතියේ තදබදය හෝ ඔබේ තොරතුරු වැඩිදුර පරීක්ෂා කිරීමට සිදුවුවහොත් කලාතුරකින් දින කිහිපයක් ගතවෙන්නත් පුළුවන්. ඒ නිසා හැකිතාක් උදෑසනින්ම කාර්යාලයට යන එක තමයි වඩාත්ම නුවණට හුරුයි.

ඒ වෙනුවෙන් ඔබ කරන්න ඕන මොනවද?

මුලින්ම මේ සඳහා අදාළ ඉල්ලුම් පත්‍රය පුරවන්න ඕන. ඔබට දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් මේ ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වුණත්, හැඳුනුම්පත අලුත් කිරීමේදී ග්‍රාම නිලධාරී මහත්මයාගේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහතික කිරීම (Endorsement) අනිවාර්ය බව අමතක කරන්න එපා. අත්සන් කරගත් ෆෝම් එකයි, පරණ හැඳුනුම්පතයි අරගෙන අදාළ කාර්යාලයට යන්න. ඡායාරූප ගැනීම සහ ඇඟිලි සලකුණු (Biometrics) ලබාදීම එතැනදීම කරගන්න පහසුකම් තියෙනවා.

විශේෂයෙන් සැළකිලිමත් විය යුතු කරුණු

මේ එක්දින සේවාව ලබාගැනීමේදී සාමාන්‍ය සේවාවට වඩා තරමක් වැඩි මුදලක් ගෙවීමට සිදුවෙනවා.

මුහුණුපොතේ පළවුණු ලිපියක් ඇසුරෙන්.. 


✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post