අද (15) ගමන් බිමන් යන ඔබ පොඩ්ඩක් ඉන්න. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මීට සුළු මොහොතකට පෙර විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා.
අද දවල් 1.00 න් පස්සේ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇද හැලෙන්න නියමිතයි. හැබැයි කාලගුණයෙන් වැඩිම බලපෑමක් එල්ල වෙන්නේ රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටයි. මේ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇද හැලෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින නිසා රියදුරන් දැඩි අවධානයෙන් සිටිය යුතු බවයි වාර්තා වෙන්නේ.
වැස්සත් එක්ක එන අකුණු සහ තාවකාලික තද සුළං ගැන සැලකිලිමත් වෙන්න කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. අනතුරු අවම කරගන්න දැන්ම ලෑස්ති වෙන්න කියලා ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල තත්ත්වය.
මධ්‍යම, ඌව, අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට: විටින් විට වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද, වයඹ සහ ත්‍රිකුණාමලය: වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැක.
✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments