බණ්ඩාරවෙල ලියන්ගහවෙල පොලිස් වසමෙන් අද (15) උදෑසන වාර්තා වන්නේ සිත කම්පා කරවන පුවතකි.
ඊයේ (14) උදෑසන මාපිටිය ප්‍රදේශයේ පිහිටි ගල් වලක සේවය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු නොසිතූ මොහොතක සිදුවූ දරුණු අනතුරකින් මෙලොව හැර ගොස් තිබේ.
පොලිස් විමර්ශනවලට අනුව අනාවරණය වන්නේ, මියගිය දෙදෙනා ගල් වලේ වැඩ කරමින් සිටියදී එහි ඉහළ කොටසේ තිබූ විශාල ගල් සහ පස් තට්ටුවක් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව හදිසියේම මොවුන් මතට කඩා වැටී ඇති බවයි. බේරීමටවත් කාලයක් නොතබාම මොවුන් එම ගල් තට්ටුවට යටවී ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම අවාසනාවන්ත අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 25ක පිපෙන මල් වැනි තරුණයෙක් සහ වයස අවුරුදු 45ක පුද්ගලයෙක්.
මොවුන් දෙදෙනා ඔත්තකඩේ සහ මාපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය තහවුරු කර තිබේ.
සිද්ධිය සැලවූ වහාම ලියන්ගහවෙල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත. දැනට මෘත ශරීර දියතලාව රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව දේහයන් ඥාතීන්ට භාර දීමට නියමිතයි.
දෛවයේ සරදමකට මෙන් තම ජීවිකාව සොයා ගිය මේ අහිංසක මිනිසුන් දෙදෙනාට අත්වූ ඉරණම ගැන මුළු බණ්ඩාරවෙලම අද කම්පනයට පත්ව තිබේ.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments