Ticker

6/recent/ticker-posts

යුද හමුදාවේ 9158කට උසස් වීම්.. ඒ ගැන ඇසෙන විශේෂ ආරංචිය මෙන්න..

 


මේ කියන්න යන්නේ අද දවසේ තවත් ඇසෙන වැදගත් කතාවක්..



78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව යුද්ධ හමුදාවේ 9158 දෙනෙකුට අද සිට බලපැවැත්වෙන පරිදි උසස් වීම් ලබාදී ඇති බව යුද හමුදාව ප්‍රකාශ කළා.

ඒ අනුව බළලත් නිලධාරි II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 260 දෙනෙකු බළලත් නිලධාරි I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 1211 දෙනෙකු බළලත් නිලධාරි II නිලයටත් උසස් කර තිබෙනවා.

එමෙන්ම සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 1704 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 2339 දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 2204 දෙනෙකු කෝප්‍රල් නිලයටත් සාමාන්‍ය සෙබලු‍න් 1440 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් උසස් කර ඇති බවයි යුද හමුදාව කියා සිටියේ.

මේ අතර 78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාරගත රැදවියවන් 49 දෙනෙකුට නිදහස ලබා දීමටයි තීරණය කර ඇත්තේ.


✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments