Ticker

6/recent/ticker-posts

තවමත් මේ වන්දි නොලැබුණු අයට රජයෙන් දැනුම්දීමක් - ඉදිරි සති දෙකේදී

 


සුළි කුණාටුවෙන් දිවි අහිමි වූවන් සඳහා වන්දි පිරිනැමීමේදී නීත්‍යානුකූල උරුමකරුවන් හඳුනාගැනීම සම්බන්ධයෙන් පරිපාලනමය බාධා මතුව ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක මහතා සඳහන් කරයි.

ඒ අනුව ඔහු මේ බව අනාවරණය කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මියගිය පුද්ගලයන් 265 දෙනෙකුගේ පවුල් සඳහා මේ වන විටත් වන්දි මුදල් පිරිනමා අවසන් බව සඳහන්.

එසේම තවත් මරණ 221ක් සම්බන්ධයෙන් අදාළ වන්දි ගෙවීමේ කටයුතු මේ දිනවල ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙම සමස්ත ක්‍රියාවලියේ වර්තමාන ප්‍රගතිය 41.2% ක් වශයෙන් සටහන් වෙන බව සඳහන්.

අතිරේක ලේකම්වරයා සඳහන් කළ පරිදි, ඇතැම් පවුල්වල සියලුම සාමාජිකයන් මෙම ස්වභාවික විපතින් මියයාම නිසා වන්දි මුදල් භාර දිය යුතු නිසි පාර්ශවය තීරණය කිරීම සංකීර්ණ වී ඇති බව සඳහන්.

කෙසේ වුවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ උරුමකරුවන් සම්බන්ධ මෙම නීතිමය ගැටලු විසඳා ගනිමින්, ඉදිරි සති දෙකක කාලය තුළ වන්දි ගෙවීමේ වේගය දෙගුණයකින් වැඩිකිරීමට අපේක්ෂා කරන බවයි.


✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments