මෙය ඇත්තටම මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශේෂ හැරවුම් ලක්ෂයක් බවට පත්වන සිද්ධියක් බවට පත්වේවි.
ඔවුන් ගැන ඇසෙන ඒ විශේෂ කතාව මොකක්ද..?
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා බඳවා ගත් කොන්දොස්තරවරියන් 20 දෙනකු සඳහා පත්වීම් ලිපි බෙදාදීම මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ඊයේ (06) සිදු කෙරුණා.
මහරගම කඩවත බස් මාර්ගයේ අධිවේගී බස්රථවල රාජකාරි කිරීම සඳහායි මෙම කොන්දොස්තරවරියන් බඳවා ගෙන ඇත්තේ.
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ, “ඇතැම් සේවාවන් තියෙනවා පඩියෙන් මනින් බැරි සේවාවන්. මේ නව පත්වීම් ලබන කොන්දොස්තරවරියන්ගේ සේවයත් ඒ හා සමානයි. එය වැටුපෙන් මැනිය නොහැකි එකක්.” යැයි ප්‍රකාශ කළා.
මෙම කොන්දොස්තරවරියන් සඳහා නව නිල ඇඳුමක් ද හදුන්වා දී තිබීම විශේෂත්වයක්.

📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments