Ticker

6/recent/ticker-posts

එක මොහොතකින් කඩා වැටුණු පවුලක්: පනාගමුවේ මාර්ගයේ අනතුර



 මේ කියන්න යන්නේ තවත් මාරක අනතු‍රක් ගැන ඇසෙන අතිශ්‍යය සංවේදී කතාවක්..


ඊයේ සවස පනාගමුව ප්‍රදේශයේදී, පින්නදූව අධිවේගී මාර්ග පිවිසුමෙන් පිටතට පැමිණ ගාල්ල දෙසට ධාවනය වූ මෝටර් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් එකම පවුලේ පියා සහ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.


අක්මීමන පොලිස් වසමේ නුගදූව විදුලි සංඥා කණුව ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බවටයි වාර්තා වෙන්නේ.

අනතුරෙන් යතුරුපැදියේ පැදිකරු සහ පසුපැදිකරුවන් දෙදෙනෙකු තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී යතුරුපැදිකරු සහ පසුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

එලෙස මියගොස් ඇත්තේ වලහන්දූව ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 36 සහ 16 වයස්වල පසුවූ එකම පවුලේ පියා සහ පුත්‍රයා බව අනාවරණය වී ඇත්තේ.

අනතුර සම්බන්ධයෙන් අදාළ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අක්මීමන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Post a Comment

0 Comments