Ticker

6/recent/ticker-posts

ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහට අධිකරණෙන් ලැබුණු නියෝගය මෙන්න

 


පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර තිබෙනවා.

රුපියල් 100,000ක ශරීර ඇපයක් මත සැකකරු නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

පසුගිය ජනවාරි මස 08 වැනිදා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වැල්ලවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුව, ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුට අවස්ථා කිහිපයකදී පොලිසියට පැමිණෙන ලෙසට දැනුම් දී තිබූ පසුබිමකයි අද නීතිඥයෙකු මාර්ගයෙන් ඔහු පොලිසියට භාරවුණේ.

✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments