Ticker

6/recent/ticker-posts

මහපාරේ දඩ ගැහුවොත් මෙහෙම කරන්න - එතනදීම රියදුරු බලපත්‍රය ලබාගන්න පුළුවන් - අවශ්‍යනම් පොලිසියෙන් සහය ගන්න

 


ශ්‍රී ලංකා පොලිසිය පවසන ආකාරයට ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ICTA ආයතනය සහ Lanka pay ආයතනය එක්ව එළිදැක්වූ Gov pay මාර්ගගත ගෙවීමේ ක්‍රමය භාවිතා කරමින් නුවරඑළිය හා හැටන් කොට්ඨාසයන් තුළදී රථ වාහන දඩ මුදල් ගෙවීමේ හැකියාව ලබාදී ඇත.

නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගේ සහ රථවාහන හා මාර්ග ආරක්ෂන දිසාව නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් ආශ්චර්යා උත්සව ශාලාවේදී සමාරම්භය සඳහා පැවති දැනුවත් කිරීමේ හමුව පැවත්විණි.

ව්‍යාපෘති කළමණාකාර උදාරි විතානගේ මහත්මිය, තාක්ෂනික නිලධාරී ඉනුක මායාකඩුව මෙන්ම Lanka Pay ආයතනයේ ව්‍යාපෘති කළමනාකරු අමිල ඒ්කනායක මහතා මෙම අවස්ථාව සහභාගී වූ අතර ප්‍රධාන දේශනය රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා විසින් පැවැත්වූ අතර මෙහි අරමුණ මාර්ගගත (Online) දඩ ගෙවීමේ ක්‍රමය භාවිතා කිරීමට මෙන්ම ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම නිලධාරීන් වෙත ලබාදීම සඳහාය.

වැඩසටහන අතරතුර මාර්ගගත (Online) දඩ ගෙවීමේ ක්‍රමය භාවිතා කිරීම සඳහා සංකේතාත්මකව නවීන ජංගම දුරකථන නිලධාරීන් වෙත ලබාදීමද සිදු කළ අතර Gov Pay ගෙවීම් ක්‍රමය මගින් මධ්‍යම පළාත තුළ රථ වාහන දඩ ගෙවීම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් උපදෙස් ඉල්ලා සිටි හැකියි.

ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුරටත් පැවසුවේ දඩ මුදල Online (මාර්ගගතව) ගෙවූ පසු එම අවස්ථාවේදීම රියදුරු බලපත්‍රය ලබාගත හැකි අතර අවශ්‍යනම් පසුව අවස්ථාවක ගෙවීම සඳහා https://govpay.lk/si/spot-fine උපදෙස් පරිශීලනය කරමින් කටයුතු කළ හැකි බවයි.   


✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments