ලෝක ක්‍රිකට් පිටියේ මහා මංගල්‍යය වන 2026 ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන උණුසුම මේ වෙනකොට පටන් අරන්.
මේ උණුසුම තවත් වැඩි කරමින්, මුළු ලෝකයේම අවධානය දිනාගත් ලෝක කුසලාන නිල ගීතයට සිංහල සලකුණ තබන්නට අපේ රටේ ජනප්‍රිය ගායන ශිල්පී දිනේෂ් ගමගේ සමත්ව තිබෙනවා.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ නිල ගීතය වන "Feel the Thrill" ගීතය භාෂා දෙකකින්, එනම් සිංහල සහ දෙමළ සංස්කරණයන්ගෙන් දැන් නිල වශයෙන් නිකුත් කර තිබෙනවා.
"ජාතීන් දෙකක් - එකම හද ගැස්මක්" යන තේමාව යටතේ නිර්මාණය වූ මෙම ගීතයට දිනේෂ් ගමගේ සිය ජවසම්පන්න හඬින් ලබා දී ඇති දායකත්වය ප්‍රශංසාවට ලක්වෙමින් පවතිනවා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරන මෙවර ලෝක කුසලානය වඩාත් අර්ථාන්විත කරමින්, අපේම මව් භාෂාවෙන් ජාත්‍යන්තර මට්ටමේ නිල ගීතයක් අසන්නට ලැබීම ලාංකීය රසිකයින්ට මහත් ආඩම්බරයක්.
දිනේෂ් ගමගේ සිය අනන්‍ය ගායන ශෛලියෙන් මෙම ගීතයට එක් කර ඇති රිද්මය, ඕනෑම ක්‍රිකට් ලෝලියෙකුට ක්‍රීඩා පිටියට යන්නට තරම් ජවයක් ලබා දෙනවා.
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න


0 Comments