මෙරට මලයගම් ප්‍රජාවගේ දිරාපත්වුණු පේලි නිවාස අලුත් වැඩියා කිරීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය , රුපියල් ලක්ෂ අටසිය විසිපහක (රු.82,566,020.00) වටිනාකමින් යුතු සෙවිලි තහඩු ප්‍රමාණයක් ලබා දීමට පියවර ගෙන ඇත.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ මැදිහත් වීම මත සිදු කෙරෙන මෙම ක්‍රියාවලියේදී මලයගම් ප්‍රජාවගේ අළුත්වැඩියා විය යුතු සියලු නිවාස අලුත් වැඩියා කිරීමට කටයුතු කර තිබේ.
ගාල්ල,රත්නපුර,බදුල්ල,කෑගල්ල,මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල සහ හැටන් ප්‍රදේශයේ ඇති වතුවල වසර ගණනාවකින් අළුත් වැඩියා නොවූ දිරාපත්ව ඇති පේලි නිවාස පිළිසකර කිරීමට නියමිතව ඇත.
✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments