සිනමාපටයේ අමතක නොවන ඒ බිහිසුණු දුෂ්ඨයා, ජීවිතයෙන් සමුගනී..

 


වසර ගණනාවක් ගත වුවද අදටත් සිනමා ලෝලීන් අතර අතිශය ජනප්‍රිය 'Apocalypto' සිනමාපටයේ ඒ බියකරු ගෝත්‍රික රණශූරයා ලෙස අපේ මතකයේ රැඳුණු ජෙරාඩෝ ටරාසේනා (Gerardo Taracena) අවාසනාවන්ත ලෙස මෙලොව හැර ගොස් තිබෙනවා.



ඊයේ (31) දින වාර්තා වූ ඔහුගේ මෙම හදිසි නික්මයාම වන විට ඔහු පසුවූයේ 55 වන වියේයි.

1970 වසරේ මෙක්සිකෝවේ උපත ලැබූ ඔහු සාමාන්‍ය නළුවෙකුට එහා ගිය විදග්ධ කලාකරුවෙකි.

නාට්‍ය හා රංගන කලාව පිළිබඳ උපාධිධාරියෙකු වූ ඔහු, නර්තන ශිල්පියෙකු ලෙසද දක්ෂතා දැක්වූ අතර 1990 දශකයේ අගභාගයේ සිටම ඔහු සිනමාවට සම්බන්ධ වී සිටියද, ඔහුගේ ජීවිතය වෙනස් කළේ 2006 වසරේ තිරගත වූ මෙල් ගිබ්සන්ගේ 'Apocalypto' සිනමාපටයයි.

ලොවම සසල කළ රංගනය එම චිත්‍රපටයේ ඔහු නිරූපණය කළ ගෝත්‍රික රණශූරයාගේ භූමිකාව කෙතරම් තාත්විකද යත්, ඔහු පෑ ඒ බිහිසුණු මුහුණේ ඉරියව් දුටු සිනමා ලෝලීන් ඔහු දෙස බැලුවේ බිය මුසු ගෞරවයකිනි.

ඔහුගේ එම අසමසම රංගනය නිසාම ඔහුට ගෝලීය පිළිගැනීමක් ලැබුණු අතර, ඉන් පසුව 'Man on Fire' සහ 'The Mexican' වැනි ප්‍රසිද්ධ හොලිවුඩ් නිර්මාණ සඳහාද ඔහුට ආරාධනා ලැබුණි.

අබිරහස් නික්මයාම ඔහුගේ මරණය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර ඇතත්, ඔහු මියගියේ කුමන හේතුවක් නිසාද යන්න පිළිබඳව කිසිදු වෛද්‍ය වාර්තාවක් හෝ තොරතුරක් මාධ්‍ය වෙත මෙතෙක් හෙළි කර නැහැ.

මෙය ඔහුගේ රසිකයන් අතර මහත් කුතුහලයක් මෙන්ම කම්පනයක් ඇති කිරීමට සමත්ව තිබෙනවා.

අඩි කිහිපයක් උසැති දිය ඇලි මතින් පනිමින්, වනාන්තර මැදින් හඹා යමින් සිනමා ප්‍රේක්ෂකයාගේ ලේ ධාතුව පවා සිසිල් කළ ඒ මහා රණශූරයා, දැන් සිය අවසන් ජීවන සටන නිමා කර ඇත.


✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post