තේ කෝප්පයට ඉඟුරු කෑල්ලක් දාන්න කලින් දෙපාරක් හිතන්න.. ඉඟුරු ගැන ඇහෙන හිතා ගන්න බැරි කතාවක්..

 


සීතල වෙලාවට අපේ ගතට වගේම හිතටත් ලොකු සහනයක් ගෙනෙන ඉඟුරු තේ කෝප්පය ගැන දැන් ඇහෙන්නේ නම් එච්චර හොඳ කතාවක් නෙවෙයි. 


හැටන් ප්‍රදේශයේ එළවළු වෙළෙඳුන් පවසන මේ "හිතාගන්න බැරි කතාව" ඇහුවම, මින් පස්සේ තේ එකට ඉඟුරු කෑල්ලක් දාන්න කලින් අපිට දෙපාරක් නෙමෙයි, දහ පාරක් හිතන්න වෙයි වගේ.

රත්තරන් මිලට යන ඉඟුරු කෑල්ල අපේ රටේ කුස්සියේ නැතිවම බැරි කුළුබඩුවක් වන අමු ඉඟුරු මිල දැන් අහස උසට නැගලා.

සාමාන්‍යයෙන් රුපියල් 300ක් 500ක් වගේ වෙච්ච ඉඟුරු කිලෝ එක දැන් රුපියල් 1500ත් 2000ත් අතර මිලකටයි වෙළෙඳපොළේ අලෙවි වෙන්නේ.

මේ හදිසි මිල වැඩිවීම නිසා පාරිභෝගිකයන් වගේම හෝටල් හිමියන්ද දැන් ඉන්නේ අන්දුන්කුන්දුන් වෙලා.

දැන් එළවළු කඩේට ගිහින් රුපියල් 50ක 100ක ඉඟුරු ටිකක් ඉල්ලුවොත් ලැබෙන්නේ ඉතාම පුංචි කෑල්ලක්.

මොකද ඉඟුරු දැන් සාමාන්‍ය එළවළුවක් නෙවෙයි, සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත් වෙලා.

ඉතින්, මේ තත්ත්වය තවදුරටත් ඉදිරියට ගියොත් අපේ ගෙවල්වල ඉඟුරු තේ කෝප්පයටත් ලොකු තිතක් තැබීමට සිදුවනු ඇති බවයි බොහෝ දෙනා පවසන්නේ.

✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post