Ticker

6/recent/ticker-posts

ඇඳ හැලුණු මහ වැස්සෙන් මාර්ගයක් ගිලා බහී - පාසල් දරුවන් ඇතුළු ගමක්ම ලොකු ප්‍රශ්නෙක

 


හකුරුතලේ, කොහොඹගාන ප්‍රදේශයෙන් අඹතැන්න ගම්මානයට පිවිසෙන ප්‍රධාන මාර්ගය වර්ෂාව නිසා නැවතත් අබලන් වී ඇති බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙරටට ඇති වූ සුළි කුණාටුවෙන් උඩවත්ත ප්‍රදේශයේ නායයෑම සිදු වූ කඳුර ආසන්නයෙන් මාර්ගය ගිලා බැසීමට ලක්ව ඇත.

එය තාවකාලිකව පිළිසකර කිරීමට යෙදූ වැලි කොට්ට 400කට අධික ප්‍රමාණයක් වර්ෂාවත් සමඟ මෙසේ සේදී යාම මෙයට හේතුව බව සඳහන්.

ඉකුත් දිනවල පැවති අයහපත් කාලගුණයත් සමඟ මෙම මාර්ගයේ කොටසක් දැඩි ලෙස හානියට පත් වූ අතර, ගමනාගමන කටයුතු පවත්වාගෙන යාමට වැලි කොට්ට යොදා මාර්ගය තාවකාලිකව සකස් කර තිබුණා.

එසේ වුවත් ඊයේ ඇද හැළුණු වර්ෂාවත් සමඟ එම වැලි කොට්ට සේදී ගොස් මාර්ගය පෙර තිබූ අන්තරායකර තත්ත්වයටම නැවත පත්ව ඇති බව වාර්තා වේ.

මේනිසා අඹතැන්න ගම්මානයට යාමට ඇති මාර්ගය අවහිර වී ඇති අතර, පාසල් දරුවන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දෙයි.

එබැවින් මෙම අවදානම් තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට පෙර, විධිමත් විසඳුමක් ලබා දී මාර්ගය ස්ථිර වශයෙන් පිළිසකර කර දෙන මෙන් ගම්වාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටි‍යි.


✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments