පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝා#නය කිරීමට තැත් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබ, දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින නීතිඥ තමරා කුමාරි අබේරත්න නමැත්තිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල නවතම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (5) අධිකරණයට ඉදිරිපත් කළේය.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් කරුණු දක්වමින් කියා සිටියේ සැකකාරිය විසින් අදාළ ඝාතනය සඳහා පැමිණි වෙඩික්කරුට අවශ්‍ය පහසුකම් රැසක් සලසා දී ඇති බවයි.
විමර්ශන නිලධාරීන් අධිකරණයට අනාවරණය කළේ, ඝා#නය සිදු කිරීමට පැමිණි වෙඩික්කරු නීතිඥවරයෙකු ලෙස සමාජයට පෙන්වීමට අවශ්‍ය උපකරණ සහ මගපෙන්වීම් මෙම නීතිඥවරිය විසින් ලබා දී ඇති බවයි.
ඒ අනුව, ඔහුට අවශ්‍ය ටයි පටි දෙකක්, නීතිඥවරුන්ගේ වාහනවල භාවිතා කරන නිල ලාංඡනය සහිත ස්ටිකරයක්, දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය යන නීතිමය ග්‍රන්ථ දෙක මෙන්ම ව්‍යාජ නීතිඥ හැඳුනුම්පතක් සකස් කර ගැනීම සඳහා අවශ්‍ය ඡායාරූප ද ඇය විසින් සපයා දී ඇති බව හෙළි වී තිබේ.
මීට අමතරව, ඇය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිස් භාරයට ගනු ලැබූ රුපියල් කෝටි දෙක හමාරක් පමණ වටිනා ‘හොන්ඩා වෙසල්’ වර්ගයේ මෝටර් රථය සම්බන්ධයෙන් ද CID නිලධාරීන් විශේෂ කරුණු දැක්වීමක් සිදු කළහ.
එම රථය විල්ප්‍රඩ් දිසානායක නමැති අයෙකුගේ නමින් ලියාපදිංචි කර තිබුණ ද, ඔහුගෙන් ලබාගත් ප්‍රකාශ අනුව තහවුරු වී ඇත්තේ අදාළ නීතිඥවරිය විසින් ඇයගේ මුදල් වැය කර මෙම වාහනය මිලදී ගෙන ඇති බවයි.
මෙම සුඛෝපභෝගී වාහනය මිලදී ගැනීම සඳහා ඇයට මුදල් ලැබුණු ආකාරය සහ ඇයගේ බැංකු ගිණුම්වල සංසරණය වී ඇති විශාල මුදල් ප්‍රමාණයන් සම්බන්ධයෙන් මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.
✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments