අපේ ළමා කාලයේ අමතක නොවන මතකයන් අතර රැඳුණු, 'Home Alone' චිත්‍රපට මාලාවේ කෙවින්ගේ මවගේ චරිතයට පණ පෙවූ ප්‍රවීණ රංගන ශිල්පිනී කැතරින් ඕ’හාරා (Catherine O'Hara) අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මියයන විට 71 වන වියේ පසුවූ ඇය, ඊයේ ලොස් ඇන්ජලීස් හි පිහිටි ඇගේ නිවසේදීම මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් ඇගේ මරණයට හේතුවී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
අමතක නොවන 'කෙවින්ගේ අම්මා' ලොව පුරා අතිශය ජනප්‍රිය වූ 'Home Alone' චිත්‍රපටයේ කෙවින්ව නිවසේ තනි වූ බව දැනගත් මොහොතේ ඇය දක්වන ඒ අපූරු රංගනය අදටත් කාටත් මතකයි.
නත්තල් සමය එළඹෙන සෑම මොහොතකම ඇගේ ඒ රුව ලොව පුරා රූපවාහිනී තිර මත නොවරදවාම දකින්නට ලැබුණා.
රංගන ශිල්පිනියක මෙන්ම ජනප්‍රිය විකට නිළියක ලෙසත් දශක ගණනාවක් පුරා ලොවක් හිනැස්සූ කැතරින් ඕ හාරාගේ නික්මයාම හොලිවුඩ් සිනමාවට මෙන්ම ඇයට ආදරය කළ ලෝකවාසී රසිකයන්ටත් දරාගත නොහැකි පාඩුවක්.
✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
