Ticker

6/recent/ticker-posts

අකුරේගොඩ සිද්ධිය සම්බන්ධයෙන් තවත් වෙනස් කතාවක්..

 


ඊයේ අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝා##නය කිරීමේ සිද්ධිය දැඩිව හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.



මහජනතාව ඡන්දය දෙන්නේ රජයකට ආරක්‍ෂාව බලාපොරොත්තුවෙන් නමුත් අද වනවිට පාරේ බැහැලා යන්න පුළුවන් විදියටවත් ආරක්ෂාවක් නොමැති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ රජිව් අමරසූරිය පවසනවා.

බත්තරමුල් අකුරේගොඩ හමුදා මූලස්ථානය අසල සුපිරි වෙළඳ සැලක රථ ගාලක් තුළ නීතිඥවරයෙකු සහ ඔහුගේ නීතිඥ බිරිද වෙඩි තබා ඝා##නය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අද(14) උදෑසන පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එතුමා මේ බව සඳහන් කළා.

එහිදී නීතීඥ සංගමයේ සභාපති තවදුරටත් අදහස් දක්වමින් මෙලෙස සඳහන් කළා.

"අපරාධකරුවන් අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒවගේම ඒ තරුණ යූවල නිස්කාරණයේ ම##ලා තියෙන්නේ ඒ නීතිඥ මහතාට පවුලේ අයටත් අපේ ශෝකය ප්‍රකාශ කරනවා. අපි කවදාවත් බලාපොරොත්තු නොවුන දෙයක් තමයි මේ වෙලා තියෙන්නේ. කවදාවත් හිතපු නැති දෙයක් වර්තමානයේ අපිත් බලනවා මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මං හිතන්නේ රජයටත්, පොලිසියටත් ලොකු වගකීමක් තියෙනවා. පළමුවෙන්ම මේ වගේ සිද්ධින් වුණාම එතන වැරදිකාරියෝ අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරන්න. ඒකෙන් පණිවිඩයක් දෙන්න ඕනේ සමාජයට, පිටරට කට්ටියත් බලන් ඉන්නවා. මොකක්ද අපි කරන්නේ අපි කරන එක සමහර වෙලාවට නවත්තන්න බැහැ කියමු.නමුත් ඒ ප්‍රශ්න වුණාම නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක විය යුතුයි. සිද්ධියට අදාල වෙන හේතු දක්වන්න බැහැ. ඇයි මේක වුණේ පිටිපස්සේ කතාවක් තිබුණා. කවුරුත් අමු අමුවේ පාරේ ම##න්න බැහැ. මේ කොළඹ වෙලා තියෙන්නේ අධි ආරක්ෂිත කලාපයක එහා පැත්තෙ අකුරේගොඩ සුපිරි මාකට් එකක් ඉස්සරහ. අපි ඔක්කොම ඒ පාරේ යනවා එනවා. අපි අනිවාර්යයෙන්ම නීතිය අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. ඒ සම්බන්ධයෙන් පියවර හෙට තීරණය කරනවා. නමුත් අපි ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්න ඕනි. අපේ ව්‍යවස්ථාව රටේ ව්‍යවස්ථාව අනුවයි. තීරණය හෙට කියන්නම්."

"සමාජ මාධ්‍ය විවිධ අංශවල විවිධ දේ සඳහන් කරනවා. සිද්ධියට අදාළ සියලු විමර්ශන උසාවිය බලා ගනියි.සමාජ මාධ්‍ය වෙත වෙන කතා ඉදිරිපත් කරන්න පුළුවන්. බුද්ධිමත් පරීක්ෂණ වාර්තාවක් උසාවිය මගින් සිදු කරයි. රටේ අපරාධ වෙනුවෙන් නීතිය සහයෝගය ලැබිය යුතුයි. අපරාධකරුවන්ට පෙනී සිටින්නේ නැහැ කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. සැකකරුවන් කොච්චර වැරදි කරත් නීතිඥ සංගමය විසින් නීතිඥ සහාය ලබා දෙන්න ඕන. කාට වුණත් ඒ සහය ලබාදිය යුතුයි. රටේ ආරක්ෂාව ගැටලුවක් තියෙනවා . මේ වෙලාවේ සිද්ධියක් වෙලා තියෙනවා. මම කතා කරන්නේ නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝා##නය වු සිද්ධියට සම්බන්ධයෙන්. මීට පෙරද මාධ්‍යවේදී ලසන්ත ඝා##නය ආදිය සිදුව තිබෙනවා."

" රජයට වගකීමක් තියෙනවා මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් . මහජනතාව ඡන්දය දෙන්නෙ රජයට පළමුව ආරක්ෂාව ලබාදිිම සම්බන්ධයෙන්. අද වන විට පාරේ බැහැලා යන්න පුළුවන් විදියට ආරක්ෂාවක් නැහැ. අපි පහළ ජනතාව. රජය අපට ආරක්ෂකයෝ දීලා නැහැ. රජයෙන් වෙන දේවල් බලාපොරොත්තු වෙනවාට වඩා ජනතාව ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න ඕනි."


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments