Ticker

6/recent/ticker-posts

අබිරහසක් ඉතිරි කරමින් නිවසක තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගනී

 


කන්තලේ, රජඇළ, යුනිට් 05 හි නිවසක නවතා තිබූ මෝටර් රථයක් අද (15) අලුයම හදිසියේ ගිනි ගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවට වාර්තා වේ.

අද අලුයම 5ට පමණ සිදුව ඇති මෙම සිද්ධිය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව අතර මහත් කැලඹීමක් ඇති වී තිබුණු බව සඳහන් වේ.

මෝටර් රථය දැවෙන බව දුටු පවුලේ අය සහ අසල්වැසියන් වහාම රැස්වී ගින්න පාලනය කිරීමට උත්සාහ කළද, ගින්න වේගයෙන් පැතිර ගොස් මෝටර් රථයට සම්පූර්ණයෙන්ම හානි සිදුව ඇත.

මෙම ගින්නට නිශ්චිත හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර, කවුරුන් හෝ විසින් හිතාමතාම ගින්න ඇති කළාද? නැතහොත් විදුලි කාන්දුවක් හෝ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෝටර් රථය ගිනි ගත්තේ දැයි සොයා වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

කන්තලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, අධිකරණ වෛද්‍ය විශේෂඥයින්ගේ සහාය ලබා ගැනීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments