Ticker

6/recent/ticker-posts

සමාජ මාධ්‍ය කළඹමින් එකවරම චීනයේ විශාල ගිලා බැසීමක්



 චීනයේ ෂැංහයි නගරයේ මාර්ගයක කොටසක් එක්වරම ගිලාබැසීමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව චීනයේ උමං දුම්රිය මාර්ගයක කැණීම් සිදු කෙරෙන අතරතුර මෙසේ මේ මාර්ගය ගිලා බැසීමට ලක්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම කැණීම් කරන භූගත ප්‍රදේශයට එක්වරම ජලය ඇතුළුවීමත් සමඟ මෙම ගිලා බැසීම සිදුව ඇත.

මාර්ගය ගිලා බැසීමත් සමඟ මාර්ගයේ ගමන් කළ මෝටර් රථ හා අවට ගොඩනැගිලි ද ගිලා බැසීමට ලක්වන අයුරු දැක්වෙන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කර ඇත.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව පවසයි.

එමෙන්ම මේ වන විට එම ප්‍රදේශයේ යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදුකරන බවද වාර්තා වේ.


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments