2026 අධ්‍යයන වර්ෂයේ පාසල් පළමු වාරයේ පළමු අදියර අද (13) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව, රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් සඳහා අද සිට මාර්තු 02 වැනිදා දක්වා නිවාඩු කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. පළමු වාරයේ දෙවන අදියර මාර්තු 03 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර, එය අප්‍රේල් 10 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
මේ අතර, 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (O/L) විභාගය එළැඹෙන 17 වැනි අඟහරුවාදා ආරම්භ වන අතර, එය 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,545කදී පැවැත්වෙන අතර, විභාගයට අදාළ සියලු උපකාරක පන්ති පැවැත්වීම පසුගිය 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබේ.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments