Ticker

6/recent/ticker-posts

දකුණු කොරියාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට


 දකුණු කොරියාවේ සේවය කරමින්සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මියගොස් තිබේ.

දකුණූ කොරියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස මියගොස් ඇත්තේ අභ්‍යන්තර මත්ස්‍ය ගොවිපොළක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික සේවකයන් දෙදෙනෙකු බවටය.


ඊයේ (09) රාත්‍රියේ එරට පොලීසියට ලද දුරකථන ඇමතුමකට අනුව සිදුකළ සෝදිසි කිරීමක දී අදාළ අභ්‍යන්තර මත්ස්‍ය ගොවිපොළේ ජල ටැංකියක තිබී මළ සිරුරු තුනක් හමුව තිබේ.

එම ජල ටැංකිය මීටර් 4ක් පළල, මීටර් 3 ක් දිග සහ මීටර් 2ක් උසකින් යුක්ත වූ විශාල ජල ටැංකියක් බව සඳහන් විය.


මියගොස් සිටි අය අතර එම අභ්‍යන්තර මත්ස්‍ය ගොවිපොළේ කළමනාකරු වන 50 හැවිරිදි කොරියානු ජාතිකයා ද සිටියි.

මියගොස් සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනා අවුරුදු 20 සහ 30 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකි.


මෙලෙස මියගිය තිදෙනාගේ මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව දකුණු කොරියානු මාධ්‍ය පවසයි.


එමෙන්ම සිදුවී ඇත්තේ කුමක්ද සම්බන්ධයෙන් එරට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.


✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments